පාකිස්ථානයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

පාකිස්ථානයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ප්‍රදේශයේදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතන ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඉකුත් සතියේදී පමණක් එම ප්‍රදේශයෙන් පැය 06 ක් තුළ කාන්තාවන් ඝාතනයට කිරීමේ සිද්ධීන් 04 ක් වාර්තා වී තිබෙනවා

ඉන් ඝාතන දෙකකටම මිය ගිය කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයින් සම්බන්ධ බවට චෝදනා එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ

මිය ගිය කාන්තාවන් සිව්දෙනා අතර 70 හැවිරිදි කාන්තාවක් ද වනවා.

ඇය ඝාතනයට ලක්ව ඇත්තේ පහරදීමකින්.

මිය ගිය සිව්දෙනා අතර 14 හැවිරිදි දැරියක ද වන අතර ඇගේ සිරුරේ කැපුම් තුවාල ඇති බවයි පොලීසිය අනාවරණය කර ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිය ගොස් ඇති අනෙක් කාන්තාවන් දෙදෙනා සහෝදරියන් බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ සහෝදරයෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ එම කාන්තාවන් දෙදෙනා මිය ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This