පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1700 කට ආසන්නයි

පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1700 කට ආසන්නයි

පාකිස්ථානයේ ඇති වූ විනාශකාරී ගංවතුර සහ වර්ෂාව හේතුවෙන් ජුනි මැද සිට ඔක්තෝබර් 2 දක්වා අවම වශයෙන් පුද්ගලයින් 1,695 ක් මිය ගොස් 12,865 ක් තුවාල ලබා ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) සඳහන් කර තිබෙනවා.

පාකිස්ථානය 2022 ජුනි මැද සිට දරුණු මෝසම් කාලගුණයකට මුහුණ දුන් අතර, පුලුල්ව පැතිරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිනිස් ජීවිත, දේපළ, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් කෙරෙහි දැඩි බලපෑම් ඇති කරනු ලැබුවා.

අද වන විට, එරට පළාත් හයෙන් පහක , දිස්ත්‍රික්ක 81ක් රජය විසින් ‘විපත්තිදායක’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහිදී බලුකිස්තාන්, කයිබර්පක්තුන්ක්වා සහ සින්ද් පළාත් සඳහා දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

සැප්තැම්බර් මැද වන විට මිලියන 33 ක ජනතාවක් පීඩාවට පත්ව සිට ඇති බවටයි වාර්තාවල දැක්වුණේ.

එහිදී, නිවාස මිලියන 1.8 කට හානි සිදු වූ අතර ඉන් නිවාස මිලියන 1.5 ක් සින්ද් පළාත තුළ පිහිටි ඒවා බව සඳහන්.

Share This