පාකිස්ථානයේ ගැටුම්වලින් හමුදාවේ නවයක් සහ සටන්කාමීන් විස්සක් මරුට

පාකිස්ථානයේ ගැටුම්වලින් හමුදාවේ නවයක් සහ සටන්කාමීන් විස්සක් මරුට

පාකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දින තුනක් පුරා පැවති ගැටුම්වලදී පාකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයන් නව දෙනෙකු සහ සටන්කාමීන් විසිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගැටුම හටගෙන ඇත්තේ බලුකිස්තානයේ පන්ජ්ගූර් සහ නවුෂ්කි යන ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරු වෙත සටන්කාමීන්ගේ ප්‍රහාරයක් එල්ලවීමත් සමගයි.

ආරක්ෂක හමුදා විසින් ප්‍රහාර මැඩපැවැත්වූ බවත් පසුව ප්‍රහාරයට සම්බන්ධ වූ සටන්කාමීන් සොයා මෙහෙයුම් සිදුකළ බවත් එරට වාර්තාවල සඳහන්.

ගෙවුණු ජනවාරි මාසය තුළ ප්‍රාන්තය තුළ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් පාකිස්ථාන හමුදා සාමාජිකයන් පනහක පමණ පිරිසක් මියගොස් තිබෙනවා.

Share This