පාකිස්ථානයේ ඡන්ද ගණන් කීරීම ඇරඹෙයි

පාකිස්ථානයේ ඡන්ද ගණන් කීරීම ඇරඹෙයි

පැවති මහ මැතිවරණයෙන් පසු පාකිස්ථානයේ ඡන්ද ගණන් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වී ඇති අතර, ක්‍රියාවලිය වේගවත් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බවද සඳහන් වනවා

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පවසන්නේ මෙම ප්‍රමාදය ඡන්ද මංකොල්ලයේ සලකුණක් බවයි.

පසුගිය වසරේ දූෂණ චෝදනා මත සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් වූ අතර ඔහුගේ පක්ෂය වන පාකිස්ථාන් Tehreek-e-Insaf (PTI) ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට සිදුවුණා

මිලියන 128 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු 35 ට අඩු අයයි .

අපේක්ෂකයින් 5,000 කට වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් 336 කින් යුත් ජාතික සභාවට සෘජුවම තේරී පත් වූ ආසන 266 කට තරඟ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This