පාකිස්ථානයේ ඩෙංගු අවදානමක්

පාකිස්ථානයේ ඩෙංගු අවදානමක්

දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ පාකිස්ථානය තුළ ඩෙංගු අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඩෙංගු රෝගය මේවනවිට එරට පැතිර යන බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ දෛනිකව විශාල ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනා ගැනෙන අතර උණ සඳහා භාවිතා කරන ඖෂධවල හිඟය හේතුවෙන් තත්ත්වය වඩාත් අවදානම් බව වෛද්‍යවරුන් පවසනවා.

පංජාබ් , සින්ද් , බලෝකිස්තාන් , Khyber Pakhtunkhwa යන ප්‍රාන්තවල ඩෙංගු ව්‍යාප්තිය බරපතල තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පංජාබ් ප්‍රන්තයෙන් දින කිහිපයකදී ඩෙංගු රෝගීන් 125 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 4 ක්.

පාකිස්ථානයේ කරච්චි නුවර රෝහල් ඩෙංගු රෝගීගෙන් පිරී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට තවත් ප්‍රාන්ත රැසක දැඩි ඖෂධ හිඟයක් පවතින අතර ඇතැම් ඖෂධවල මිල පවතින්නේ ඉහළ අගයකයි.

නගර රැසක තවදුරටත් ජලය එක්රැස් වී තිබීම හා අවතැන් වූ පිරිස් එලෙස ජලය රැස් වූ ස්ථානවල රැදී සිටීම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.

Share This