පාකිස්ථානයේ ණය බර තවත් ඉහළ යයි
මෙම වසරේ ජනවාරි මාසයේදී පාකිස්ථාන රජයේ ණය රුපියල් ට්‍රිලියන 4කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එය 7.7% කින් ඉහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව පාකිස්ථාන රජයේ ණය රුපියල් ට්‍රිලියන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසනවා.
2022 වසරේ ජනවාරි මාසයේදී පාකිස්ථාන රජයේ ණය රුපියල් ට්‍රිලියන 42.39 ක් වූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගෙවී ගිය වසරක කාලය තුළ පාකිස්ථාන රජයේ ණය 30% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර ජනවාරි අග වන විට පාකිස්ථාන රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 34.3 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වනවා.
එය මීට මාසයකට පෙර පැවති අගයට වඩා 3.4% ක ඉහළ යාමක් සහ ඉකුත් වසරට සාපේක්ෂව 25% කින් පමණ වැඩිවීමක් බවයි වාර්තා වන්නේ.
එරට විදේශ ණය රුපියල් ට්‍රිලියන 20.69 ක්ව ඇති අතර එය මාසයක කාලයක් ඇතුළත 15.7% කින් ඉහළ යාමක්.
ඉකුත් ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වන විට පාකිස්ථානයේ විදේශ ණය 38% කින් ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.