පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරවලින් 73 දෙනෙකු මරුට

පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරවලින් 73 දෙනෙකු මරුට

පාකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ත්‍රස්ත ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා

එම වාර්තා පැවසුවේ බෙදුම්වාදී සටන්කාමීන් පොලිස් ස්ථාන, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට ප්‍රහාර එල්ල කළ බවයි

ප්‍රධාන අධිවේගී මාර්ගයක බස් රථ සහ ට්‍රක් රථ ඉලක්ක කර එල්ල වූ විශාලතම ප්‍රහාරයෙන් සොල්දාදුවන් සහ පොලිසිය 14 දෙනෙකු සහ සටන්කාමීන් 21 දෙනෙකු මිය ගිය බව පාකිස්ථාන හමුදාව ප්‍රකාශ කර තිබෙනවා

බලුකිස්ථානයේ මහ ඇමතිවරයා පැවසුවේ සිවිල් වැසියන් 38 දෙනෙකු ද මිය ගිය බවයි.

Share This