පාකිස්ථානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක පිපිරීම් දෙකක් -12ක් මරුට -40කට වැඩි පිරිසකට තුවාල

පාකිස්ථානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක පිපිරීම් දෙකක් -12ක් මරුට -40කට වැඩි පිරිසකට තුවාල

වයඹදිග පාකිස්ථානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු සඳහන් කර තිබෙනවා.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් පොලිස් නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි කඩා වැටී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පිටතින් ප්‍රහාරයක් එල්ල වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් විදුලි කාන්දුවක් හේතුවෙන් මධ්‍යස්ථානයේ තිබූ පතොරම් ගිනි ගැනීමට ලක්ව ඇති බවට විශ්වාසය පළ කරන බවත් එරට පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This