පාකිස්ථානයේ දුම්රියක ගින්නක් – ළමුන් ඇතුළු 7 ක් මරුට

පාකිස්ථානයේ දුම්රියක ගින්නක් – ළමුන් ඇතුළු 7 ක් මරුට

පාකිස්ථානයේ Khairpur හිදී සීඝ්‍රගාමී දුම්රියක හටගත් ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

කරච්චි හි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Share This