පාකිස්ථානයේ දුම්රිය ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ දුම්රිය ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රහාරයේ වගකීම පාකිස්ථාන බෙදුම්වාදී වාර්ගික සටන්කාමී කණ්ඩායමක් විසින් භාරගෙන තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම දුම්රිය ස්ථානයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් සිට ඇති බව සඳහන්.

Share This