පාකිස්ථානයේ නීතිවිරෝධී ලෙස සිටින ඇෆ්ගන් ජාතිකයන්ට පිටුවහල් නියෝග

පාකිස්ථානයේ නීතිවිරෝධී ලෙස සිටින ඇෆ්ගන් ජාතිකයන්ට පිටුවහල් නියෝග

පාකිස්ථානයේ නීතිවිරෝධී ලෙස ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගන් ජාතිකයින්ට ස්වේච්ඡාවෙන් පිටව යාමට හෝ පිටුවහල් කිරීමට නොවැම්බර් 1 දක්වා කල් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ වැඩිවී ඇති ත්‍රස්ත ප්‍රහාර සමගින් මෙම තීරණය ගෙන ඇති අතර ඊට හේතු වී ඇත්තේ එම ත්‍රස්තවාදී කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී තිබීමයි.

කෙසේ වෙතත් මෙම චෝදනා ඇෆ්ගනිස්ථානු රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බවයි සඳහන් වන්නේ.

එක්සත් ජාතීන්ගේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඇෆ්ගන් ජාතිකයන් මිලියන 1.3 ක් පමණ පාකිස්ථානයේ ලියාපදිංචි සරණාගතයින් වන අතර තවත් 880,000 කට රැඳී සිටීමටද හැකියාව පවතිනවා.

එහෙත් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Sarfraz Bugti පවසන්නේ මිලියන 1.7ක ඇෆ්ගන් ජාතිකයන් නීතිවිරෝධී ලෙස පාකිස්ථානයේ සිටින බවයි.

APP හි වාර්තාවකට අනුව ඉදිරි මාසවලදී ඇෆ්ගනිස්තානුවන් සියල්ලන්ටම ආපසු ඇෆ්ගනිස්ථානයට යාමට සිදුවනවා.

නොවැම්බර් 01 වනදාට පෙර ඔවුන් නොගියහොත් ඇෆ්ගනිස්ථානුවන් පිටුවහල් කිරීමට පළාත්වල හෝ ෆෙඩරල් රජයේ සියලුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන යොදා ගන්නා බවයි පාකිස්ථානු රජය සඳහන් කර ඇත්තේ.

Share This