පාකිස්ථානයේ පළමු කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය දිවුරුම් දෙයි

පාකිස්ථානයේ පළමු කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය දිවුරුම් දෙයි

පාකිස්ථානයේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඉස්ලාමාබාද් අගනුවරදී දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

55 හැවිරිදි අයේෂා මලික් මුස්ලිම් බහුතරයක් සිටින රටේ ඉහළ උසාවියේ තවත් පිරිමි සගයන් 16 දෙනෙකු සමඟ සේවය කරන බවයි පැවසෙන්නේ

පාකිස්ථානයේ පවතින පුරුෂ මූලික සමාජය තුළ කාන්තාවන් සඳහා නියෝජනයක් ලබා ගැනීම සඳහා දශක ගණනාවක සිට කළ අරගලයකින් පසු එය දුර්ලභ ජයග්‍රහණයක් බවයි නීතීඥයින් සහ ක්‍රියාකාරීන් ප්‍රකාශ කරන්නේ.

විනිසුරු මලික් අනෙකුත් අපේක්‍ෂකයන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු බව පෙනෙන නිසා ඇතැම් නීතිඥවරු සහ විනිසුරුවරු විනිසුරු මලික්ගේ පත්වීමට විරුද්ධ වී තිබෙන බවද සඳහන් .

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් මෙතෙක් නොසිටි එකම දකුණු ආසියාවේ රට මෙයයි.

ඊට අමතරව පාකිස්ථානයේ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් කාන්තාවන් සිටින්නේ 4%ක් පමණක් බවද සඳහන්.

පාකිස්ථානයේ නීති විද්‍යාලයෙන් සහ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති විනිසුරු මලික් පසුගිය දශක දෙකක කාලය තුළ නැගෙනහිර පාකිස්ථානයේ ලාහෝර් නගරයේ මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙසද  සේවය කර තිබෙනවා

Share This