පාකිස්ථානයේ ප්‍රහාරයකින් 9ක් මරුට -13කට තුවාල

පාකිස්ථානයේ ප්‍රහාරයකින් 9ක් මරුට -13කට තුවාල

නිරිතදිග පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 9 දෙනෙකු මිය ගිය අතර අවම වශයෙන් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

වාර්ෂික සංස්කෘතික උත්සවයකට සහභාගී වීමෙන් පසු නිලධාරීන් ක්වෙටා පළාතේ අගනුවර වෙත ආපසු යමින් සිටියදී බලුකිස්තාන් පළාතේදී පිපිරීම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නොමැති අතර බලුකිස්තාන් රජය මෙම ප්‍රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

 

Share This