Update – පාකිස්ථාන පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 32ක් දක්වා ඉහළට

Update – පාකිස්ථාන පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 32ක් දක්වා ඉහළට

Update – 2023.01.30, 06.30pm –

පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම තුවාල ලැබුවන් සංඛ්‍යාව 150කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අද(30) දහවල් යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.

බෝම්බය පුපුරා යාමත් සමග පල්ලියේ කොටසක් කඩා වැටී ඇති අතර සුන්බුන්වලට යටවී තවත් පිරිසක් සිටින බවට එරට බලධාරීන් සැක පළ කරනවා.

එම පළාතේ පොලිස් මුලස්ථානය සහ ත්‍රස්ත මර්ධන දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ ද මෙම පල්ලිය පිහිටා ඇති ප්‍රදේශයේ වන අතර එම කලාපය ඉතා ආරක්‍ෂිත ප්‍රදේශයක් බවද සඳහන්.

එසේම ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරනවා.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නොමැති අතර, එරට බලධාරීන් සැක පළ කරන්නේ එය බොහෝ දුරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවටයි.

 

 

………………………………………………………………………………………………………………………………………………………………………………..

 

පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පල්ලිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන විට පිපිරීම සිදුව ඇති අතර 150 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

එම ගොඩනැගිල්ලේ කොටසක් විනාශ වී ඇති අතර නිලධාරීන් පවසන්නේ මිනිසුන් සුන්බුන් යට වැළලී ඇති බවයි.

තවත් කිහිප දෙනෙක් ප්‍රාදේශීය රෝහල් වෙත රැගෙන යමින් සිටින බවත් පිපිරීමට හේතුව අපැහැදිලි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This