පාකිස්ථානයේ පොලිස් ජංගම රථයක් පුපුරයි

පාකිස්ථානයේ පොලිස් ජංගම රථයක් පුපුරයි

පාකිස්ථානයේ Quetta හි පොලිස් ජංගම රථයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පිපිරීමෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර වෙළඳසැලක් ඉදිරිපිට එම පොලිස් ජංගම රථය නවතා තිබූ අවස්ථාවේ එම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක පළ කරන බවයි පාකිස්ථාන බලධාරීන් පවසන්නේ.

කෙසේවෙතත් මෙහි වගකීම කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

Share This