පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීමත් සමග පොලිසිය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල කඩා වැටීමට ලක්ව ඇති අතර විදුලිය ද විසන්ධි වී තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

Share This