පාකිස්ථානයේ බස් අනතුරක් – 18ක් මියයයි – 13කට තුවාල

පාකිස්ථානයේ බස් අනතුරක් – 18ක් මියයයි – 13කට තුවාල

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් පාකිස්ථානයේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

එසේම තවත් 13දෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

අදාළ අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් සිට ඇති අතර, බේරාගත් පුද්ගලයන් දැඩි ලෙස පිළිස්සී ඇති බවද සඳහන්.

අනතුරෙන් දිවි ගලවාගත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් මගීන් කිහිපදෙනෙකු ජනෙල්වලින් පැන යාමෙන් පසු පිළිස්සුම් තුවාල සහිතව සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

එසේම, වාහන දෙකෙහිම රියදුරන් මිය ගිය බව ද එරට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

Share This