පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් – 5ක් මරුට

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් – 5ක් මරුට

පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් (Dera Ismail Khan) හි පොලිස් මුර සංචාරයක් ඉලක්ක කරගත් බෝම්බ පිපිරීමකින් පස් දෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 350ක් පමණ නිරිත දෙසින් පිහිටි ඩෙරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ පොලිස් මුර සංචාරයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

එම මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය යතුරුපැදියක සවි කර තිබී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ

සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපන් ප්‍රාන්තය වන Khyber Pakhtunkhwa පළාතේ Dera Ismail Khan නගරයේ Ponda Baza හි Tank Adda හි මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්

Share This