පාකිස්ථානයේ මීළඟ අගමැති කවුද ? – තීරණය ගැනීමට පාකිස්ථාන ජාතික සභාව රැස්වෙයි
පාකිස්ථානයේ මීළඟ අගමැතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා එරට ජාතික සභාව අද පස්වරුවේ යළි රැස්වීමට නියමිතයි.
එහිදී තෙවතාවක් පාකිස්ථානයේ අගමාත්‍ය ධුරය හෙබ වූ නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරා වන 70 හැවිරිදි ශෙහ්බාස් ෂරීෆ් තේරී පත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු 1999 වසරේ දී පාකිස්ථානයේ හමුදා කුමන්ත්රණයකින් සෞදි අරාබියට පිටුවහල් කෙරුණු අතර 2007 දී ඔහු නැවතත් පාකිස්ථානය වෙත පැමිණියා.
විදේශ ප්‍රතිපත්ති නිවැරදි ක්‍රමවේදයකට හසුරුවා ගැනීමට අපොහොසත් වීමත් සමඟ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට දැඩි ලෙස චෝදනා කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපීමට එරට විපක්ෂය පෙරමුණ ගත්තේ ඉම්රාන්ට හිතවාදී දේශපාලනඥයින් පිරිසක් ද සමඟයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමට විපක්ෂය ඊයේ සමත් වුණා.