පාකිස්ථානයේ සෞඛ්‍ය සේවය කඩාවැටෙන හැටි

පාකිස්ථානයේ සෞඛ්‍ය සේවය කඩාවැටෙන හැටි

පාකිස්ථානයේ සෞඛ්‍ය සේවය බරපතල කඩාවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වෘත්තීමයභාවය පිළිබද ගැටලු, අපිරිසිදු පරිසරය, දුර්වල කළමනාකාරීත්වය සහ රාජ්‍ය සේවා සැපයීමේ ඇති ගැටලු මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එරට රජය විසින් කොවිඩ් වසංගතය වසංගතය වෙනුවෙන් හඳුන්වා දුන් මෙහෙයුම් ක්‍රියාපටිපාටීය   රෝහල් කාර්ය මණ්ඩල විසින් දැඩි ලෙස උල්ලංඝනය කර ඇතැයිද එම වාර්තාවල සඳහන්.

රෝගීන්ට ප්‍රතිකාර කීරීමේ දී නිසි ලෙස පරීක්ෂා කිරීම් සිදුනොකරන බවටත් මෙය රටේම දැවැන්ත සෞඛ්‍ය ගැටලුවකට මුල පිරීමක් බවත් සදහන්.

ඖෂධ හිඟය මෙන්ම නිසි ඖෂධ නිකුත් නොකිරීම ද පාකිස්ථාන සෞඛ්‍ය සේවයේ ගැටලු අතර වන බව එරට මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

වි⁣ශේෂයෙන් සින්ද් ප්‍රාන්තය තුළ මෙම ගැටලු උග්‍රවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This