පාකිස්ථානයේ හමුදා කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ හමුදා කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සෙබළුන් 8 දෙනෙකු සහ සටන්කාමීන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටි ස්ථානයකට සටන්කාමීන් විසින් වාහනයකින් කඩා වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් එරට ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී සටන්කාමීන් 10 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

තලෙයිබාන් සංවිධානයෙන් ඉවත් වූ වෙනත් සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

Share This