පාකිස්ථානය ආරක්ෂාවටත් ණය වෙලා.
පාකිස්ථානයේ ක්‍රියාත්මක වූ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු සමයේ රටේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම පිරිහී ඇති බවත් ආරක්ෂක වියදම් පවා ණය හරහා සපයා ගෙන ඇති බවත් එරට නව අගමැති ෂෙහෙබාස් ෂරීෆ් අනාවරණය කර තිබෙනවා.
පාකිස්ථාන ඉතිහාසයේ වෙනත් කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ තරමට පසුගිය පාලන සමයේ දී ආරක්ෂක වියදම්වලින් වැඩි ප්‍රමාණයක් ද ණය හරහා ලබාගෙන ඇති බවයි පෙෂාවර් හි උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
මේ වන විට පාකිස්ථානය තුළ චීනයෙන් ණය ලබාගෙන ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල අසීමිත ප්‍රමාදයන් පවතින බවත් එය රටට දරාගත නොහැකි භයානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් හෙළිකර තිබෙනවා.
මේ අනුව චීනය සමග සාකච්ඡා කර එම ප්‍රමාදයන් මගහරවා ගැනීමට කටයුතු කරන බවයි ඔහු මෙහිදී පවසා ඇත්තේ.
පාකිස්ථානයේ ආර්ථිකය මේ වන විට දරුණු අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින අතර එරට උද්ධමනය, තෙල් මිල, රුපියල අවප්රමාණයවීම ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කර තිබෙනවා.