පාකිස්ථානය ඍණ මට්ටමට පහත දමයි
එමගින් පාකිස්ථානය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගනුදෙනුව ප්‍රමාද වීම මධ්‍යයේ ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන Moody’s Investor Service පාකිස්ථානයේ ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටමට පහත දමා තිබෙනවා.
රටෙහි ආයතන ක්‍රියාකාරිත්වයේ සහ පාලනයේ ශක්තිය දුර්වලවීම, ආර්ථික ප්‍රතිපත්තියට අවිනිශ්චිතතාවය එක් කර ඇති බව Moody’s වාර්තාව මගින් හෙළි කරනවා.
පකිස්ථානය IMF විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන සම්පූර්ණ කර තවදුරටත් මූල්‍යකරණයට සහාය වන විශ්වාසනීය ප්‍රතිපත්ති මාර්ගයක් පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ අවිනිශ්චිත බවයි එරට වාර්තා වැඩිදුරටත් පවසන්නේ.
පාකිස්ථානයේ ජංගම ගිණුමේ හිඟය වත්මන් මූල්‍ය වර්ෂයේ පළමු මාස 10 තුළ (ජූලි සිට අප්‍රේල් දක්වා) ඩොලර් බිලියන 13.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජංගම ගිණුමේ හිඟය සීඝ්රයෙන් පුළුල්වීම විදේශ විනිමය සංචිත විශාල වශයෙන් පහත වැටීමට හේතු වී ඇති බව සදහන්.
පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 9.7 දක්වා පහත වැටී ඇති අතර එමඟින් හැකියාව ඇත්තේ මාස දෙකකට අඩු ආනයනයන් පමණක් ආවරණය කිරීමටයි.