පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස පුහුණුකරු ඉල්ලා අස්වෙයි

පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස පුහුණුකරු ඉල්ලා අස්වෙයි

පාකිස්ථානයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී දෙවසරක කොන්ත්‍රාත්තුවක් මත ඔහු එම ධුරයට පත් කෙරුණා.

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සතියක පමණ කාලයක් පවතින අතරතුර ගැරී කර්ස්ටන් පාකිස්ථාන ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක් වනවා.

එම කණ්ඩායම සඳහා අලුතින් පත් කරන ලද පුහුණුකරුවන් දෙදෙනෙකු සමග ඇති වූ ආරවුලක් දුරදිග යාම ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරය සඳහා පත් කරන අයෙකු සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගෙන නැහැ.

Share This