පාකිස්ථාන වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට -28 දෙනෙකු මිය යයි

පාකිස්ථාන වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට -28 දෙනෙකු මිය යයි

පාකිස්ථාන වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඉරානයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථානයේ සින්ඩ් පළාතේ සිට ඉරානය හරහා ඉරාකයේ කර්බාලා වෙත ගමන් කරමින් තිබූ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථයේ හටගත් තිරිංග දෝෂයක් හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

Share This