
පාකිස්ථාන YouTube නාලිකා 16 ක් ඉන්දියාව විසින් තහනම් කරයි
ඉන්දියාවේ මිලියන 63 ක ග්‍රාහකයින් සිටින පාකිස්තාන YouTube නාලිකා 16 ක් තහනම් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියානු මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම YouTube නාලිකා තහනම් කර ඇති බව සඳහන්.
තහනම් කරන ලද නාලිකා අතරට ප්රවෘත්ති ආයතන කිහිපයක YouTube නාලිකා කිහිපයක්ද මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ YouTube නාලිකා කිහිපයක් ද අයත්.
කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.