
පාඩුපිට දුවන තැපැල් වර්ජනයේ පාඩුව කෝටි 20 ඉක්මවයි
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළා.
මේ අතර ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් සතියක් පුරා පැවති තැපැල් වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය ඊයේ අවසන් කළ අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 20 කට අධික පාඩුවක් සිදුව ඇති බවයි.
විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ වෘත්තීය සමිති අතර ඊයේ සාකච්ඡාවක් පැවති අතර එහිදී මොවුන්ගේ මූලික කරුණු 19 යෙන් 17කට මසක් ඇතුළත විසඳුම් සැලසුම් කිරීම සඳහා අමාත්‍යවරයා තැපැල්පතිවරයාට නියෝග ලබා දී තිබුණා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් නොතකා, වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කඩාකප්පල් කරමින්, දූෂිත, අත්තනෝමතික සහ අකාර්යක්ෂම ක්‍රියා සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 ට දීපව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
ඔවුන් පෙන්වා දුන්නේ මේ හේතුවෙන් රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසී යාමේ අවදානමකට මුහුණ දී ඇති අතර, අනෙකුත් රෝහල්වල වෛද්‍යවරුන් හිඟවීම හේතුවෙන් ඇතැම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව ඇති බවටයි.
කෙසේවෙතත් ඒ සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අතර ඊයේ රාත්රියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේදී සාකච්ඡාවෙන් පැවැත්වුණා.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව, අද දින පෙව 08.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.