පාත්ෆයින්ඩර් පදනමට නාමධාරී විශිෂ්ටයන් තිදෙනෙකු එක්වේ

පාත්ෆයින්ඩර් පදනමට නාමධාරී විශිෂ්ටයන් තිදෙනෙකු එක්වේ

පාත්ෆයින්ඩර් පදනම නාමධාරී විශිෂ්ට පුද්ගලයන් දෙදෙනෙකු සිය පදනමේ ඉදිරි සැලසුම් සදහා සම්බන්ධ කරගැනීමට තීරණය කර තිබෙනවා.

පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ස්වාධීන, නිර්දේශපාලනික ආයතනයක ස්වභාවය එයින් අපේක්ෂා කරන බවයි.

භූ දේශපාලනික, ආර්ථීක ප්‍රතිසංස්කරණ හා ඉන්දියන් සාගර කලාපයට සම්බන්ධ පදනම ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට මෙම පාත්ෆයින්ඩර් නාමධාරීන් ගේ සේවාව ඉතාම වැදගත් බව ද එහි දැක් වෙනවා.

මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පසුගිය දා පාත්ෆයින්ඩර් පදනම හා එක් වූ අතර ඔහු පරිසර හා ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශවල ද ලේකම්වරයා වශයෙන් සේවය කර අත්දැකීම් සහිතයි.

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නැවතත් පාත්ෆයින්ඩර් පදනම හා එක් වූ අනෙක් විද්වතා වන අතර ඔහු නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය වහා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර පසුව ජනාධිපති අතිරේක ලේකම් හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධුරයට පත් වූණා.

පසුව මහාචාර්ය ජයනාත් ඉන්දුනීසියාවේ තානාපති ධුරය ද හොබවනු ලැබුවා.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ට තනතුරු ගණනාවක අත්දැකීම් ඇති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දීර්ඝ කාලයක් පාත්ෆයින්ඩර් පදනමේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව මහ බැංකු අධිපති ධූරයට පත් වුණා.

ඔහු පාත්ෆයින්ඩර් පදනමේ විශිෂ්ට නාමධාරියෙකු වශයෙන් මෙයට කෙටි කාලයකට ඉහත දී පත්වීම් ලැබුවා.

 

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ

 

 

ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග

 

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Share This