
පාදයකට තුවාල සිදු වී සිටි අලියාට වනජීවි නිලධාරීන් ප්‍රතිකාර කිරීම ආරම්භ කරයි
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනපල්ලම ගම්මානයට පසුගිය දින කිහිපය පුරාවටම පාදයකට තුවාල සිදු වී ඇති වන අලියෙකු පැමිණෙන බව අප අනාවරණය කළා.
එම වන අලියා ප්‍රදේශයේ වගාවන් සහ දේපළ රැසකටත් හානි සිදු කිරීම නිසා ප්‍රදේශයේ ජනතාවද දැඩිලෙස පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම වන අලියා ගේ ජීවිතයට ද තර්ජන එල්ල වී ඇත්තේ එම සත්වයා ගම් වැදී දේපළවලට හානි පැමිණැවීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් අප කළ අනාවරණයෙන් පසුව වනජීවි නිලධාරීන් එම වනඅලියාට ප්‍රතිකාර කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබන බව වාර්තා වුණා.
අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කරන අතර මේ වන විට අලිය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වනජීවි නිලධාරීන් පැවසුවා.
