
පානදුර – අලුබෝමුල්ල වෙඩි තැබීමට හේතුව ලියුමක් (CCTV VIDEO)
පානදුර අළුබෝමුල්ල සඳගල වත්ත ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (06) පෙරුවේ පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය පවසනවා.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.
ආරක්ෂක හිස්වැසුම් හා මුඛ ආවරණ පැළඳ වෙළඳසැල ඉදිරිපිටට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනා වෙළඳසැල ඉදිරිපිට සීනුව නාද කර තිබෙනවා.
අනතුරුව වෙළඳසැල් හිමිකාරිය වෙළඳසැල තුළට පැමිණ ඇති අතර එහිදී එක් පුද්ගලයකු පානීය යෝගට් එකක් ඉල්ලා ඇතැයි පොලිසිය සදහන් කළා.
එය මිලදී ගැනීමෙන් අනතුරුව එක් පුද්ගලයකු වෙළෙදසල් හිමිකාරිය අමතා සිගරට් දෙකක් ඉල්ලා ඇති අතර සිගරට් නොමැති බවට පැවසීමෙන් අනතුරුව ගිනි අවියක් අතට ගත් එක් පුද්ගලයෙකු ඇය දෙසට එය එල්ල කර ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇය නිවස තුළට දිව ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.
නාඳුනන පුද්ගලයා ගිණි අවියෙන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය ශීතකරණයේ දොරට වැදී ඇති අතර තවත් වෙඩින්ඩ කීපයක් වෙළඳසැල ඉදිරිපිට inter log ගල් තීරුව වෙත වැදී ඇතැයි පොලිසිය පවසනවා.
එම වෙඩි තැබීම මි.මී. 9 වර්ගයේ ගිනි අවියකින් එල්ල කර ඇතැයිද වෙඩි ප්‍රහාර දෙකක් ශීතකරණයටත් වෙඩි ප්‍රහාර පහක් වෙළඳසැල ඉදිරිපිට බිම් තීරුවටත් වැදි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ විමර්ශන සිදුකළා.
වෙළඳසැල් හිමිකාරිගේ පුත්‍රයා ප්‍රදීප් කුමාර ක්‍රිෂාන්ත අප්පුහාමි නොහොත් ගැටයා නමින් හඳුන්වන පුද්ගලයකු බවත් ඔහු 2018 වසරේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකර ඇති බවත් මේ වන විට විදේශ රටකට පලා ගොස් ඇති බවත් පොලිසිය පැවසුවා.
වෙඩි තැබීමට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය නොවන නමුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පල කරනවා.