පානදුර රෝහලේ මළ සිරුරු මාරු කරලා
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවකගේ මළසිරුරක් මුස්ලිම් මළසිරුරක් ලෙස අවසන් කටයුතු සිදු කර ඇතැයි අද (30) පුවත්පත් වාර්තා කර තිබෙනවා.
පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 89ක හා 93ක කාන්තාවන් දෙදෙනකුගේ මළසිරුරු එකිනෙක මාරු වී ඇති බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.
මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාව ඉකුත් මස විසි එක්වැනි දින මියගොස් ඇති අතර ඇයගේ මළසිරුර වෙනුවට ඥාතීන්ට 26 වැනි දින භාරදී ඇත්තේ එදිනම මියගිය පානදුර, වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවගේ මළසිරුර බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
93 හැවිරිදි කාන්තාවගේ දියණිය පෙරේදා (28) මවගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සමඟ රෝහල වෙත ගිය අවස්ථාවේදී මවගේ මළසිරුර එහි නොමැති බව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර තිබෙනවා.
ඒ වන විටත් මේ පිළිබඳ රෝහල් බලධාරීන් නොදැන සිට ඇති අතර රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදුකිරීමේ තීරණය මත සිද්ධිය සමථයකට පත්වී ඇති බව වාර්තා වනවා.