පාපන්දු පුරාවෘත්තයේ සදා නොමැකෙන මිනිසා පේලේ -බ්‍රසීලයම හඬවා අවසන් ගමන් යයි (VIDEO)

පාපන්දු පුරාවෘත්තයේ සදා නොමැකෙන මිනිසා පේලේ -බ්‍රසීලයම හඬවා අවසන් ගමන් යයි (VIDEO)

ලොව පුරා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක පේලේ සිය දහස් ගණනකගේ සෝ සුසුම් මැද ඊයේ (03) අවසන් ගමන් ගිය අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

පේලේගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සැන්ටෝස් නගරයේ වීදි ඔස්සේ ගමන් කරද්දී දහස් සංඛ්‍යාත ජනතාවක් බ්‍රසීලයේ ජනප්‍රිය ක්‍රීඩකයාට අවසන් ගෞරව දැක්වීමට රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බොහෝ දෙනෙක් පේලේගේ නම සහිත කමිස ඇඳගෙන හෝ අල්ලාගෙන, ඔහුට ගෞරවයෙන් සමුදීම සඳහා වීදි දිගේ පෙළ ගැසී සිටි බවයි පැවසෙන්නේ

පේලේ අවසන් ගමන් ගිය ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පහතින් දැකිය හැකියි

 

Share This