පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ කෙටුම්පතට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ කෙටුම්පතට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක සකස් කළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ,ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනුමැතිය දී ඇත්තේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ යෝජනාවටයි.

ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා මේ වසරේ ජූනි 16 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර ඒ අනුව පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පතක් සකස් කර තිබෙනවා.

 

Share This