
පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පාර්ලිමේන්තුව හෙට (18) රැස්වීමට නියමිතව තිබෙනවා
ඒ අනුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව සඳහන්
අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක 2348/38, 2352/47, 2352/48, 2360/62 සහ 2360/63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ අංක 2308/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ අංක 2373/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතයි