පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව සභාපති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පත් කර තිබෙනවා.
එම සංසදය ඊයේ (03) පළමු වරට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී එම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මහජනතාව විසින් ඡන්දයෙන් කාන්තාවන් සැලකිය යුතු ප්‍රතිශතයක් මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
ඉදිරියේදී කිසිඳු දේශපාලන මතවාදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ කටයුතු කිරීමේ වැදගත්කම ද ඇය එහිදී අවධාරණය කර තිබෙනවා.