පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් පහ කෙරේ
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර තිබෙනවා
මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ
අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම ඔවුන් සේවයෙන් පහ කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අනුමතිය ලබාදී තිබුණා.