
පාරිසරික ප්‍රශ්නවලට විසදුම් දෙන්න WhatsApp අංකයක්
පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා 14 (අද) දින සිට නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා
ඒ අනුව, 076- 6412029 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කිරීමෙන් පරිසර අමාත්‍යංශය විසින් එම ප්‍රශ්න අදාළ ආයතන වෙත යොමු කිරීමෙන් කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරෙනවා
සෑම මසකම සතියේ දින 5 තුළ පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සේවාව සක්‍රීය වනවා