
පාලි භාෂා අධ්‍යයනය පහසුව සඳහා නොමිලේ බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය නිකුත් කෙරේ
පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා සම්පාදනය කරන ලද සියවස් පැරණි බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය කෘති නැවත මුද්‍රණයකර තිබෙනවා.
කෘති දෙකම එක සංස්කරණයක් වශයෙන් පළ කර ඇති අතර එය මහනුවර දී එළිදැක්විණි.
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් එහි පළමු පිටපත් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතු මහානායක සහ ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වෙත පිරිනමනු ලැබුවා.
ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂිණී තොම්ප්සන් මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වූණා.
පාලි භාෂා සංරක්ෂණ හා පාලි භාෂාව ව්‍යවහාරය ප්‍රචලිත කරන අරමුණ ඇතිව පාත්ෆයින්ඩර් පදනම ආරම්භ කරන ලද ව්‍යාපෘතියට අනුව පළ කරන ලද මෙම කෘතිය පසුව දළදා මාලිගාව ශ්‍රවණාගාරයේ දී මල්වත්ත හා අස්ගිරිය උත්තරීතර කාරක සංඝ සභා වෙත පිරිනමන ලදී.
මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධර්ම, අනුනායක නියංගොඩ විජිත, අස්ගිරිය පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් ඇතුළු මහා සංඝයා වහන්සේලා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ, පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු ගිහි පැවැදි පිරිසක් සහභාගී විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ සහය කතිකාචාර්ය වැලිවිට සංරණංකර හිමිපාණෝ කෘතිය එළිදක්වන අවස්ථාවේ දී පාලි භාෂා භාවිතය ගැන විශේෂ දේශණයක් ද පවත්වනු ලැබුවා.
විහාරස්ථාන, පිරිවෙන්, විශ්ව විද්‍යාල පාලි අධ්‍යයන අංශ සහ පුස්තකාලවලට මෙම ගන්ථය නොමිලේ පිරිනැමෙන අතර දුරකථන අංක94114529952-3 අංකවලට කතා කිරීමෙන් හෝ [email protected] ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකිවේ.