පාසල් පත්ව ඇති තත්ත්වය ගැන අගමැතිනියටත් සැකයක් (VIDEO)

පාසල් පත්ව ඇති තත්ත්වය ගැන අගමැතිනියටත් සැකයක් (VIDEO)

මෙරට පාසල් පද්ධතිය සිසුන්ට පාසලට නිසි අද්දැකීම් ලබාදෙන ස්ථානයක් වෙනුවට විභාගවලට ලියාපදිංචිය දෙන ආයතන බවට පමණක් පත්ව ඇද්ද යන්න පිළිබඳව නැවත සිතා බැලීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

වර්තමාන අධ්‍යාපන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ සඳහා විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

Share This