පාස්කු ප්‍රහාරයේ පූජිත සහ හේමසිරිට එරෙහි නඩුව යළි විභාගය ජනවාරි මස 26 වැනි දා

පාස්කු ප්‍රහාරයේ පූජිත සහ හේමසිරිට එරෙහි නඩුව යළි විභාගය ජනවාරි මස 26 වැනි දා

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජනවාරි මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් මෙම නඩුවට මෙතෙක් විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් එහි විභාගය ජනවාරි මස 26 වැනිදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ටර්වරිය නිවේදනය කළා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර නියෝග කර තිබුණා.

එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදහස් කොට නිදහස් කරමින් දුන් තීන්දුව ඉවත දමමින් අදාල නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව තීන්දුවක් ලබාදෙන ලෙස එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කර තිබුණා.

ඒ අනුව මෙම නඩුව යළි විභාගය සඳහා කැඳවා තිබෙන අතර එය යළි ජනවාරි මස 26 වැනි දා කැඳවීමට නියමිතයි.

Share This