
පැතුම් සහ කුසල් අර්ධ ශතක වාර්තා කරයි
2023 ලෝක කුසලාන තරගාවලියේ මේ මොහොතේ පැවැත්වෙන තරගයේ දී අර්ධ ශතක වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක සහ කුසල් පෙරේරා සමත් වුණා.
ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි.
මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 127ක් ලබාගෙන සිටියා.
ඒ එක් කඩුල්ලක් පමණක් දැවී සිටිය දීයි.
දැවී ගිය ක්‍රීඩකයා වන්නේ පැතුම් නිශ්ශංක වන අතර ඔහු පන්දු 67කදී ලකුණු 61ක් වාර්තා කළා.
කුසල් පෙරේරා නොදැවී ක්‍රීඩා කරන අතර මීට ටික වෙලාවකට පෙර ඔහු පන්දු 67කදී ලකුණු 63ක් ලබාගෙන සිටියා.
කුසල් මෙන්ඩිස් මේ මොහොත වනවිට මුහුණ දුන් පන්දු ප්‍රමාණය එකක් වන අතර ඔහු එක් ලකුණක් ලබාගෙන සිටිනවා.
