පැනමා පාපන්දු  ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

පැනමා පාපන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

පැනමා ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයෙක්වූ Gilberto Hernández වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ක්‍රීඩකයා කොලොන් නගරයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ

26 හැවිරිදි Gilberto Hernández ඇතුළු පිරිසකට තුවක්කුකරුවන් වෙඩි තබා ඇත්තේ ඔවුන් නගරයේ ගොඩනැගිල්ලක සිටියදී බව සඳහන්

ප්‍රහාරයෙන් Gilberto Hernández මිය ගොස් ඇති අතර තවත් හත් දෙනෙක් තුවාල ලබා තිබෙනවා

Atlético Independiente ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද මොහු ක්‍රීඩා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා

Gilberto Hernández පාපන්දු ක්‍රීඩකයා වෙඩි තැබීමේ ඉලක්කය වූයේද නැතහොත් අරමුණ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This