පැන ගිය නෙදර්ලන්ත අපරාධකරුවා බෙල්ජියමේදී වෙඩි තබා ඝාතනය කරයි
බෙල්ජියමේ දේශසීමාව හරහා යමින් සිටි නෙදර්ලන්ත බාල වයස්කාර අපරාධකරුවන්ගේ ආයතනයකින් පැන ගිය තරුණයෙක් පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු දකුණු බ්‍රෙඩා නගරයේ මධ්‍යස්ථානයෙන් පලා ගොස්, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන දේශ සීමාව හරහා ගමන් කරමින් සිට තිබෙනවා
සේවකයින් දෙදෙනා නිරුපද්‍රිතව පලා ගිය නමුත් සාක්ෂිකරුවන් පවසන්නේ තරුණ රැඳවියා පසුව Sint-Lenaarts ගම්මානයේදී බෙල්ජියම් පොලිසියට වෙඩි තැබූ බවයි.
පොලිසිය විසින් ආපසු වෙඩි තබා ඇති අතර තරුණයා මාරාන්තික තුවාල ලැබීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහුගේ වයස තවම නිකුත් කර නොමැති නමුත් ඔහු රඳවා සිටි ඩෙන් හේ-ඇකර් රැඳවුම් මධ්‍යස්ථානය පවසන්නේ එහි අවුරුදු 14 සිට 21 දක්වා වූ පිරිමි ළමයින් සිටින බවයි