පැපුවා නිව්ගිනියා විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

පැපුවා නිව්ගිනියා විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය Justin Tkatchenko ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ගිය පැපුවා නිව්ගිනියාවේ නිල දූත පිරිසට වියදම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකින් පසු ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම Justin Tkatchenko සිය දියණිය සමග පළමු පන්තියේ ගුවන් ගමනක ගමන් කිරීම සහ සිංගප්පූරුවේ සාප්පු සවාරියක යන ආකාරය දැක්වෙන TikTok වීඩියෝවක් පළ කිරීමත් සමග බොහෝ පිරිසක් එය විවේචනයට ලක් කර තිබුණා.

එම විවේචනවලට අප්‍රසාදය පළ කරමින් පැපුවා නිව්ගිනියා විදේශ අමාත්‍යවරයා විවිධ මත ප්‍රකාශ කර තිබූ අතර ඊට විරෝධය පළ කරමින් Port Morseby හි විරෝධතා ද පැවති බව සඳහන්.

ඒ අනුව තමන් සිදු කළ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයැදමින් පැපුවා නිව්ගිනියාවේ විදේශ අමාත්‍ය Justin Tkatchenko ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

Share This