පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරක් – සෙබළුන් දෙදෙනෙකුට තුවාල

පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරක් – සෙබළුන් දෙදෙනෙකුට තුවාල

වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබූ සෙබළුන් විසිර යාමේ උත්සවයේදී ඉදිරිපත්කළ පැරිෂුට් සංදර්ශනය අතරතුරදී අද (03) සෙබළුන් දෙදෙනෙකුට අනතුරකට ලක්ව තිබෙනවා

මෙහි එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් පිටත ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර, අනෙක් පැරිෂුටය වේගයෙන් බිමට පතිත වී තිබුණා

අනතුරෙන් තුවාල ලැබූ පැරිෂුට් භටයන් දෙදෙනා ප්‍රතිකාර සදහා රැගෙන ගොස් ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සදහන්.

සෙබළුන් විසිර යාමේ මෙම උත්සව අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාද එක්ව සිටියා.

Share This