
පැරිසියේ ලූවර් කෞතුකාගාර මංකොල්ලයට සැක පිට දෙදෙනෙක් අල්ලයි
පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, නඩුවට සමීප මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් AFP පුවත් ඒජන්සිය අද වාර්තා කළා.
එක් සැකකරුවෙකු ඊයේ(25) රාත්‍රී 10 ට පමණ පැරිස් – චාල්ස් ඩි. ගෝල් ගුවන්තොටුපළේ දී විදේශගත වීමට සූදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙවැන්නා ඊට ටික වේලාවකට පසු පැරිස් කලාපයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොව වැඩිපුරම නැරඹූ කෞතුකාගාරය වන ලූවර් හි ඔටුනු ආභරණ කොල්ලකෑම පසුගිය ඉරිදා සිදු වුණා.
විවෘත වේලාවන්හිදී දොඹකරයක් භාවිතා කරමින් කෞතුකාගාරයට කඩා වැදුණු සොරුන් ඩොලර් මිලියන 102 ක් වටිනා වටිනා කොටස් අටක් සොරකම් කළා.
පසුව ඔවුන් යතුරුපැදිවලින් පලා ගිය අතර, එය ප්‍රංශය පුරා දැවැන්ත සෝදිසි කිරීමකට හේතු වුණා.
මීට පෙර වීඩියෝවක, අමුත්තන් ඇවිද යන අතරතුර, කොල්ලකරුවන්ගෙන් එක් අයෙකු වීදුරු ප්‍රදර්ශන පෙට්ටියක් කපා දමන ආකාරය දැකගත හැකි වුණා.
පැරිස් නඩු පවරන්නන් විසින් විමර්ශනය BRB ලෙස හැඳින්වෙන විශේෂිත පැරිස් පොලිස් ඒකකයකට භාර දී ඇති අතර, එය ඉහළ පෙළේ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පළපුරුද්ද ඇති ආයතනයක්.
ලූවර් හීස්ට් වෙතින් සොරකම් කරන ලද අයිතම 8 ක් සියවස් දෙකක ඉතිහාසයක් පුරා පැතිරී ඇති අතර එය ප්‍රංශයේ රැජිනියන්ට සහ අධිරාජ්‍යයන්ට අයත් වූ ඒවා වනවා.
1853 දී III වන නැපෝලියන් සමඟ විවාහ වීමෙන් ටික කලකට පසු සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙන්දෙකු වන ඇලෙක්සැන්ඩර්-ගේබ්‍රියෙල් ලෙමොනියර් විසින් නිර්මාණය කරන ලද ඉයුජිනි අධිරාජ්‍යයාගේ ටියාරා සහ ඔටුන්න සොරකම් කරන ලද නමුත්, ඔවුන් පලා යන විට ඔටුන්න සොරුන් විසින් අතහැර දමා ගොස් තිබුණා.
නැපෝලියන් I ඔහුගේ දෙවන බිරිඳ වූ මාරි ලුයිස් අධිරාජිනියට විවාහ මංගල්‍ය තෑග්ගක් ලෙස ලබා දුන් සහ ඇගේ නිල ආභරණ වෙළෙන්දා වන ෆ්රැන්කොයිස්-රෙග්නෝල්ට් නිටොට් විසින් සාදන ලද මාලයක් සහ මරකත කරාබු යුගලයක් ද සොරුන් රැගෙන ගොස් තිබෙනවා.
සොරකම් කරන ලද භාණ්ඩ අටෙන් හතක් පසුගිය දශක හතර තුළ කෞතුකාගාරයට හිමි වූ ඒවායි.
ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය පවසා තිබුණේ මෙම ආභරණවලට “මිල කළ නොහැකි උරුම වටිනාකමක්” ඇති බවයි.
ලූවර් යනු ලොව වැඩිපුරම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය වන අතර දිනකට නරඹන්නන් 30,000 ක් පමණ එයට පැමිණෙනවා.
එහි පෞරාණික භාණ්ඩ, මූර්ති සහ සිතුවම් ඇතුළු කෞතුක වස්තු 33,000 කට වඩා ඇති බවයි වාර්තා වන්නේ.
බෙහෝ දෙනා ආකර්ෂණය වන්නේ වීනස් ඩි මිලෝ සහ සමෝත්රේස් හි පියාපත් සහිත ජයග්‍රහණයට අමතරව ලොව ප්‍රසිද්ධ කලා කෘතිය වන මොනාලිසා නිර්මාණයයි.
මෙම සතිය මුලදී මෙම සොරකම සම්බන්ධයෙන් නව වීඩියෝවක් නිකුත් වූ අතර, එහි වටිනා ඔටුනු ආභරණ රැගෙන කොල්ලකරුවන් දෙදෙනෙකු පලා යන ආකාරය පෙන්නුම් කළා.
ඉදිකිරීම් උපකරණවලින් සැරසුණු කොල්ලකරුවන්, මංකොල්ලයෙන් පසු පලා යාමට හයිඩ්‍රොලික් සෝපානයක් භාවිතා කරන ආකාරය එම දර්ශනවල දැක් වුණා.
