පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37කට තුවාල (VIDEO)

පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37කට තුවාල (VIDEO)

මධ්‍යම පැරීසියේ සිදුවූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශ අගනුවර Rue Saint-Jacques හි නිර්මාණ පාසලක් සහ කතෝලික අධ්‍යාපන පද්ධති මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව ඇති බවයි පැවසෙන්නේ

අවම වශයෙන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරෙන බවත් හදිසි සේවකයින් සෝදිසි කිරීමේ කටයුතු සිදුකරන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි පිපිරීමට පෙර දැඩි ගෑස් ගඳක් ඇතිව තිබෙන අතර ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පැරිසියේ පොලිස් ප්‍රධානී ලෝරන්ට් නුනෙස් සඳහන් කර තිබෙනවා

කෙසේ වෙතත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි බලධාරීහු පවසන්නේ .

Share This