පැහැරගෙන ගිය 58දෙනෙකු නයිජීරියානු පොලිසිය විසින් බේරා ගනී

පැහැරගෙන ගිය 58දෙනෙකු නයිජීරියානු පොලිසිය විසින් බේරා ගනී

නයිජීරියාවේ මධ්‍යම කොගි ප්‍රාන්තයේ අපරාධ කල්ලි විසින් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි පුද්ගලයින් 58 දෙනෙකු බේරාගත් බව එරට පොලීසිය සඳහන් කර තිබෙනවා.

ඔවුන් කොපමණ කාලයක් රඳවාගෙන සිටියේද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කර තිබෙන්නේ වනාන්තර ප්‍රදේශයක ස්වේච්ඡා ආරක්ෂක කණ්ඩායම් සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙම මුදාගැනීම සිදු කළ බවයි.

මෙහෙයුම අතරතුර ප්‍රාණ ඇපකරුවන්ගෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කර තිබෙනවා.

Share This