
පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනක් ඇරඹේ
දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනට සහභාගි වෙමිනුයි.
අද (24) දිනයට යෙදී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය පැළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරුණා.