පෑනක් වගේ ගිනි අවියක් සමග පුද්ගලයෙක් පානදුරේදී අත්අඩංගුවට

පෑනක් වගේ ගිනි අවියක් සමග පුද්ගලයෙක් පානදුරේදී අත්අඩංගුවට

පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත පානදුර හොරේතුඩුව පාලම අසල සැක කටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී මෙම අවිය හමුවී තිබෙන්නේ ඔහුගේ සාක්කුවේ දමාගෙන සිටියදීයි.

එහිදී විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිත කළ හැකි ගිනි අවියක් සහා එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහලන බහළුමක් සමග එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස යොදාගත හැකි බවයි.

දිගින් අඟල් හතරහමාරක් පමණ වන මෙම ගිනි අවිය පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවක ගෙනයා හැකි ආකාරයෙන් නිෂ්පාදිත එකක්.

මෙම ගිනි අවිය කුමන හේතුවක් සඳහා මෙම පුද්ගලයා සන්තකයේ තබා ගත්තේ ද යන්න පිළිබඳව සොයා කළුතර අපරාධ කොට්ඨාසය විමර්ශන කටයුතු සිදු කරයි.

ගිනි අවිය සමග අත්අඩංගුවට පත් වූයේ 43 වියැති මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර,ඔහු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This